"මම Cafe එක ගාව ඉන්නේ. ඔයා එන ගමන්ද?"
"මාව ගන්න පාරටවත් එන්නේ නැද්ද?"
එයාට දෙන්න ගෙනාපු මලත් කැෆේ එකේම තියලා මම පාරට ගියේ ඈතින් එන මගේ මල පිළිගන්න...
ඈතින් ඇවිදගෙන එන එයා මාව දැකලා පාරෙ අයිනේ නවත්තපු වාහනේකට මුවා උනේ මම එයා දකින්න නැතුව ඇති කියලා හිතාගෙන වෙන්න ඇති. නොදැක්කා වගේ මම ඒ පැත්තට ඇවිදගෙන ගියේ ඉබේටම.
"එන්න සයුරි කෝලම් කරන්නේ නැතුව, පරක්කු වෙනවා..."
"මම ඔයාව බය කරන්න හැදුවේ. ඔයා දැක්කනේ ඉතිං මාව..."
"යමු ඇතුලට. මගේ wallet එකත් එතන දාලා ආවේ..."
මූණේ හිනාවක් පුරවගෙන මගේ අතේ එල්ලිලා කැෆේ එකට ආපු එයාගෙ අතට මම මලක් දීපු ගමන් ඒ මූණේ තිබුනු හිනාවට ආදරේ එකතු උනු හැටි මම දැක්කා...💛
ඉතින්, ඒ සතුටින් පිරිච්ච ඇස් වලට මම හරි ආසයි...🌻
28th of May 2023
PS: As I mentioned in one of my previous poems, all these words and conversations are just my imagination. Sometimes, I imagine spending time with you like this, sharing conversations and moments that exist only in my mind.